ෆේස්බුක් ආයතනයේ ප්‍රධානීන් ව අමෙරිකාවේ සෙනෙට් මණ්ඩලය ඉදිරියට කැඳවා “එම සමාගමේ සමාජ මාධ්‍ය මෙවලම්” තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍ය සඳහා බලපෑම් කරන ආකාරය පිළිබඳව කරුණු විමසීමක් මේ වනවිට අරඹා තිබේ.
ඒ අනුව ෆේස්බුක් සමාගමේ “ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී” ඇන්ටිගොනී ඩේවිස් ව ඊයේ සෙනෙට් මණ්ඩල කමිටුවක් ඉදිරියට කැඳවා ප්‍රශ්නකර තිබුණි.
එහිදී සෙනෙට් සාමාජිකයින් ෆේස්බුක් සමාගම තරුණ තරුණියන්ව ඉලක්ක කර ගනිමින් සීමාව ඉක්මවා කටයුතු කරන බවට දැඩි ලෙස චෝදනා කර ඇත.
විශේෂයෙන් ම එම සමාගම සිදුකර තිබූ අභ්‍යන්තර පර්යේෂණයකින් හෙළිවී තිබුණේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය මෙවලම හේතුවෙන් යෞවනියන්ට අතිශය බරපතළ බලපෑම් සිදුව ඇති බවය.
ඒ පිළිබඳව සෙනෙට් සාමාජිකයින් පෙන්වා දී ඇත්තේ ෆේස්බුක් ආයතනය එම පර්යේෂණ වාර්තාවෙන් හෙළිවූ කරුණු පවා නොසලකා හැර ඇති බවය.
ගැහැණු ළමුන් අතර මානසික ආතතිය වර්ධනයවීමට ඉන්ස්ටග්‍රෑම් හේතුවී ඇති බව සෙනෙට් මණ්ඩල සාමාජිකයින් පෙන්වා දී තිබුණි.
More Stories
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ
චීන නාවික හමුදා පුහුණු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව කරුණු විකෘති කිරීම කෙරෙහි චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතිචාරය දක්වයි
ඇමරිකානු නව පරිපාලනය සම්බන්ධයෙන් ගෝලීය සමීක්ෂණයක්