හෙට සිට ගෑස් සිලින්ඩර පිරවීම සහ බෙදාහැරීම සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව ලිට්‍රො ගෑස් සමාගම කියා සිටිනවා.
තමන් සතුව දැනට ඇති ගෑස් තොග ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායකවලට අනුකූල බැවින් එලෙස ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බවයි ලිට්‍රො සමාගම සඳහන් කළේ.
මෙරට අලෙවි කෙරෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ප්‍රොපේන් සංයුතිය සියයට 30ක් විය යුතු බවටයි ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය තීරණය කර තිබෙන්නේ.
ඊට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් මින් පසුව වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙසයි අභියාචනාධිකරණය අද ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට නියෝග කළේ.
ගෑස් කාන්දුවීම් හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කළේ
රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන විනිසුරු මඩුල්ල විසින් ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව දැනට වෙළඳපොලේ මුදාහැර ඇති භාවිත නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය තවත් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්