ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද (10) දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
ලාෆ් සමාගම ද අද දිනයේ මිල ඉහළ දැමීම සිදුවන ආකාරය පිළිබඳව තීරණයක් ගන්නා බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන් කළේය.
ඒ අනුව නව මිල ගණන් යටතේ හෙට (11) දිනයේ සිට ගෑස් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පැවසුවේය.
ගෑස් සමාගම් විසින් සිදුකළ ඉල්ලීමට අනුව ගෑස් රුපියල් 550කින් ඉහළ දැමීමට පසුගියදා ජිවන වියදම් කමිටුවේ අනුමැතිය හිමි වුවද ඊට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී නොතිබුණි.
අදාළ සමාගම් විසින් දිගින් දිගටම සිදුකළ ඉල්ලීම් මත කිරිපිටි, ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරිම රජය තීරණය කළේය.
ඒ අනුව ආනයනික කිරිපිටි සමාගම් විසින් ඊයේ (09) දිනයේ සිට සිය නිෂ්පාදනවල මිල ඉහළ දෑමීමට තීරණය කර තිබේ.
ආනයනික කිරිපිටි කිලෝග්රෑමයේ පැකට්ටුවක් රුපියල් 250කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දැමූ බව එම සමාගම් සඳහන් කළේය.
ඒ අනුව කිලෝග්රෑමයේ කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 1195ක් වන අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 480ක් ලෙස ද ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම තිරිඟු පිටි ඉහළ දැමීම සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණයක් ගන්නා බව එම සමාගම්වල නියෝජිතයින් පැවසීය.
මේ අතර පුද්ගලික සමාගම්වලට තම හිතුමතය පරිදි භාණ්ඩ මිල ඉහළ දැමීමට හැකි නම් රටකට ආණ්ඩුවක් අවශ්‍ය නොවන බව හිටපු අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
ඔහු පවසන්නේ භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ගත් සියලු ක්‍රියාමාර්ග අසාර්ථක වී ඇති බවය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්