පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව නැවත ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
ගැටලුකාරී තත්ත්වයෙන් පසු වෙළෙඳපොළට නිකුත් කෙරෙන ගෑස් සිලින්ඩර හඳුනාගැනීම සඳහා නව ක්රමවේදයක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව ගෑස් සිලින්ඩර භාවිත කිරීමට පෙර ඉවත් කරනු ලබන පොලිතින් ආවරණයෙහි වර්ණය මෙලෙස වෙනස් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
ලිට්රෝ ගෑස් සිලින්ඩරයෙහි පොලිතින් ආවරණය සුදු පසුබිමේ රතු ලාංඡනය සහිතව සකස් කර ඇති අතර, ලාෆ්ස් සමාගම සිය ගෑස් සිලින්ඩරවල පොලිතින් ආවරණයේ වර්ණය කහ පසුබිමේ නිල් ලාංඡනය සහිතව වෙනස් කර තිබේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ