ගෘහස්ථ ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ඉකුත්දා අධිකරණය විසින් දුන් නියෝග ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බව පාරිභෝගික සේවා අධිකාරිය සහ ලිට්‍රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම් අද (31) අභියාචනාධිකරණයට දැනුම්දුනි.
වෙළෙඳපොළට මුදාහැර තිබෙන අනතුරුදායක ගෑස් සිලින්ඩර ආපසු කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් ඉකුත්දා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු ගෑස් සමාගම් පැහැර හැර ඇති බවට චෝදනා කරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත්කළ මෝසමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබේ.
රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම මෝසම කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම සලකා බැලීම සඳහා ලබන 26 වනදා කැඳවන ලෙස ද අභියාචනාධිකරණය නියම කළේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට