කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලිණ්ඩර හිඟයකින් තොරව වෙළෙඳපොළේ පැවැතිය යුතු බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් ඊයේ (09 වැනිදා) නිකුත් කර ඇත.
අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව ගෑස් සමාගම්ද ගෑස් සිලින්ඩර අඛණ්ඩව නිකුත් කළ යුතු වෙයි. ලිට්රෝ ගෑස් සමාගම නව ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට නිකුත් කිරීම නිසා පාරිභෝගිකයන් ඉදිරිපත් කළ පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක