ලොව වයස්ගතම නිවුන් සොහොයුරියන් ජපානයෙන් වාර්තා වී තිබේ.
ඔවුන් දෙදෙනාගේ වයස අවුරුදු 107යි දින 300කි. මෙය ගිනස් ලෝක වාර්තාවකි.
යුමෙනෝ සුරියාමා සහ කෞමේ කොඩාමා විසින් අභිබවා ගොස් ඇත්තේ ජපනයේම කින් නරීටා සහ ජින් කානී තබා තිබූ වාර්තාව කි.
කින් නරීටා සහ ජින් කානී 2000 සහ 2001 වසරවල ජීවිතක්ෂයට පත්වුණි. ඉන් ජින් මුලින්ම මියගිය අතර ඒ වනවිට වයස සඳහන් වූයේ අවුරුදු 107යි දින 175ක් ලෙසිනි.
යුමෙනෝ සුරියාමා සහ කෞමේ කොඩාමා 1913 වසරේ නොවැම්බර් 5 වනදා ජපානයේ ශෝදොෂිමා දිවයිනේ දී උපත ලබා තිබේ.
මේ වනවිට එම නිවුන් සොහොයුරියන් දෙදෙනා ජපානයේ පළාත් දෙකක වැඩිහිටි නිවාසවල ජීවත්වන අතර ඔවුන්ට හිමි ගිනස් වාර්තා සහතික ගිනස් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලබාදී තිබුණි.
යුමෙනෝ සුරියාමා සිව් දරු මවක් වූ අතර කෞමේ කොඩාමා ට දරුවන් තිදෙනෙක් සිටි බව වාර්තා විය.
ලොව වැඩිම වයසක් ජීවත්වන මිනිසුන් සිටින රට ලෙස ජපානය දැක්විය හැකි අතර එරට වැඩිහිටි ජනතාවට සමාජයේ ඇත්තේ ඉහළ ගෞරවයකි.
ගිනස් වාර්තා අනුව මේ වනවිට ලොව වැඩිමහල් ම පුද්ගලයා ජීවත් වෙන්නේ ජපානයේ ය. ඒ, වයස අවුරුදු 118ක් වන කානේ ටනාකා නම් කාන්තාවකි.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි