නීතිවිරෝධී ගිනිඅවි පිළිබඳ පොලීසියට සාර්ථක තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට හා ගිනිඅවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ටත් මුදල් ත්‍යාග පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.
ඒ අනුව රුපියල් දසදහසේ සිට රුපියල් දෙලක්ෂ පනස්දහස දක්වා මුදල් ත්‍යාග ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.
නීතිවිරෝධී ගිනිඅවි සම්බන්ධයෙන් වූ තොරතුරු පොලිස් ස්ථානාධිපතිවරයා හෝ පොලිස් මූලස්ථානයට හා 1997 කෙටි දුරකථන අංකයට ඇමතීමෙන් ලබාදිය හැකියි.
නීතිවිරෝධී ගිනිඅවි පිළිබඳ ජනතාව තොරතුරු ලබාදීමෙන් පසු වැටලීම සිදුකර නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගත් පසු අදාළ මුදල් ත්‍යාග ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට