මීට සුළු මොහොතකට පෙර වැල්ලවත්ත මායා මාවතේ ධාවනය වූ නවීන පන්නයේ බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් හදිස්සි ගිනි ගැනීමකට ලක්ව තිබෙන බව වැල්ලවත්ත පොලීසිය පවසයි.
මෝටර් රථයේ වායු සමනය තුලින් යම් දුමාරයක් පැමිණෙන බව දර්ශනය වනවාත් සමග රථයේ හිමිකරු රථය නවතා ගින්න නිවීමට උත්සාහ කර ඇත.
කෙසේ වෙතත් එම උත්සාහය අසාර්ථක වී තිබේ.
මෝටර් රථයේ ගින්න නිවීම සඳහා තිඹිරිගස්යාය හෙන්ද්‍රිස් පේදිරිස් ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ තුනක් යොදා ගෙන ඇත.
මේ සඳහා ගිනි නිවීමේ භටයන් නව දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෝටර් රථයේ ගින්න නිවීමට කටයුතු කර තිබෙන බව පොලීසිය පවසයි.
මෝටර් රථයේ ඇති වූ විදුලි කාන්දු වීමක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බව පොලීසිය සැකපල කරයි.
මෙම ගිනි ගැනීමෙන් කිසිදු ජීවිත හානියක් නොමැති බවත් මෝටර් රථයේ හිමිකරු කොළඹ 8 පාසල් මාවතේ පදිංචි අයකු බවත් පොලිසිය පවසයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්