පසුගිය මැයි 09 වැනිදා ඇති වූ සිද්ධියේදී කලහකාරී පිරිස් අතින් නිවාස ඇතුළු දේපළ විනාශ වූ ප්‍රබල ඇමැතිවරයකු ඒවා යළි ගොඩ නැගීම සඳහා සැපයුම්කාර සමාගම්වලින් මුදල් රැස් කරන බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ සඳහා අදාළ ඇමැතිවරයාට අයත් වූ අමාත්‍යාංශයේ සැපයුම්කාර සමාගම්වලින් ලක්ෂ ගණන් මුදල් එකතු කරන්නට පටන් ගෙන ඇතැයි හෙළිවී තිබේ. මේ අතර ඖෂධ සමාගම්ද පවතින බව වාර්තා වේ.
ඒ සඳහා ඇමැති පුතකු මෙන්ම ඇමැතිවරයාගේ ව්‍යාපාරික ලේකම් ලෙස කටයුතු කළ අයකු අදාළ සමාගම් වෙත කතා කර ඇති බවද හෙළිවී ඇත.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක