දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා ව සිරගත කිරීමට එරෙහිව එරට පුරා විරෝධතා රැල්ලක් පැතිරයමින් පවතී.
ඒ හේතුවෙන් මේවන විට 70කට අධික පිරිසක් මරණයට පත්ව ඇතිබව විදෙස් මාධ්‍ය පැවසීය.
විරෝධතා අතරතුර සමහර පුද්ගලයින් රජයේ සහ පෞද්ගලික ගොඩනැගිලිවලට ගිනි තබමින් විනාශකාරී ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වේ.
මේ අතර ඩර්බන් නගරයේ ගිනිගනිමින් තිබූ ගොඩනැගිල්ලක සිට කුඩා දරුවෙක් ව පහළ සිටින පිරිසට අල්ලා ගැනීම සඳහා විසිකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
එහිදී තම දරුවා ව විසිකර ඇත්තේ මව විසිනි.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ