ගාල්ල, මහමෝදර, සියඹලාහේන ප්‍රදේශයේ පියෙකු විසින් පාඩම් කරන්නැයි කියා තරවටු කිරීමක දී තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ පුත්‍රයාගේ අවසන් කටයුතු සිදුකර තිබේ.
ගිම්හාන් විමුක්ති නැමති මෙවර සාමාන්‍ය පෙළ විභාග සඳහා සුදානමින් සිටි එම දරුවා මාස කිහිපයක් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා යොමු නොවීම හේතුවෙන් පියා විසින් එලෙස තරවටු කර ඇත.
එහිදී පියා විසින් කොසු මිටකින් දරුවාගේ පිට ප්‍රදේශයට පහරක් එල්ල කර ඇති අතර, එයින් වැළකීමට උත්සහ දැරීමේ දී පහර දරුවාගේ හිසට එල්ල වී තිබේ.
පසුව තුවාල ලැබු දරුවා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් 49 හැවිරිදි පියා අත්අඩංගුවට ගැණුනු අතර, ඔහු ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
දරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (01) පස්වරුවේ සිදුකෙරුණි.
කෙසේ වෙතත්, දෙමව්පියන් ආදර්ශමත් ලෙස ජීවත් වීමෙන් මෙවන් ඉරණම්වලට දරුවන් ගොදුරුවීම වළක්වාගත හැකි බව විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ වෛද්‍ය පීඨයේ විශේෂ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.
“වැඩිහිටියන් හරියාකාරව දරුවන් රැකබලා නොගැනීම මේකට ප්‍රධාන හේතුව. දෙමව්පියෝ සහ රටේ ඉන්න සෑම වැඩිහිටියෙක් ම තමන්ට දරුවෙක් හිටියත් නැතත් තමන්ට ළමා කාලයක් තිබුණා කියලා මතක තියා ගන්න ඕනේ. ඒ වගේම හැම වැඩිහිටියෙකුට ම විශේෂ වගකීමක් තියෙනවා ඊළඟ පරම්පරාව හරියට රැකබලා ගැනීමට. හැමවෙලාවේම ළමයින් අපි ගැන බලාගෙන ඉන්නවා කියන අපි කියන කරන දේ හැමවෙලාවේ ම ඒ අය ධාරණය කරගන්නවා ඒ වගේම ඔවුන්ට හානියක් වෙනවා කියන එක අවබෝධයෙන් කටයුතු කරනවා නම් ළමයින්ට ඇති වෙන මේ වගේ කුරීරු දේවල් අවම කර ගන්න පුළුවන්.”
මේ අතර, ගිම්හාන් අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව විවිධ අදහස් පළ කර තිබුණි.
ඇතැමුන් එම පියා අතින් සිදුවූ අපරාධය දැඩි ලෙස විවේචනය කළ අතර, තවත් පිරිසක් එය පියා නොසිතා කළ ක්‍රියාවක් ලෙසද අදහස් දක්වා තිබුණි.
– උපුටා ගැනීම් –
කවදාවත් තමන්ගේ ළමා කාලය හා දරුවන්ගේ ළමා කාලය සමාන කරන්න හදන්න එපා…
අවුරුදු 16ක් වෙනකල් අමාරුවෙන් හදලා මරන්න ගහන්නේ නැහැ…
මොනා වුණත් ඒ තාත්තාත් ජීවිත කාලයම මැරි මැරී විඳවයි තමන්ගේ හිතින් දරුවා නැති වුණේ මගේ අත් දෙකෙන්නේ කියලා…
වැරදීමකින් ඔලුවට වැදිලා පුතා මැරුණා. දැන් තාත්තාටත් සිය දිවි නසාගන්න තැනට වැඩ නොකෙරුණා නම් ඇති…
මේ වසංගත කාලේ ළමයි ගෙදරට හිරවෙලා ස්ට්‍රෙස්. යාලුවෝ ආශ්‍රය අඩුයි. ගෙවල්වල ඉදලා එපා වෙලා. ඉතින් බොහෝම කල්පනාවෙන් බැලන්ස් කරගන්න ඕන. තඩිබාලා බැහැ…
– උපුටා ගැනීම් අවසන් –
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්