නොර්වුඩ් දෙමළ මහා විද්‍යාලයේ ගුරුවරියකට කොරෝනා අසාදනය වී තිබෙනවා.
ඇය බගවන්තලාව ආරියපුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
එම ගුරුවරියගේ සිව්මස් බිළිඳියට සහ අවුරුදු පහක දියණියට ද කොරෝනා ආසාදනය වී ඇති බවද වාර්තා වන්නේ.
මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී. චන්ද්‍රරාජන් මහතා කියා සිටියේ, එම ගුරුවරියට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ ගුරුවරිය ඉගැන්වීම් කටයුතු කළ පාසල හෙට (07) සිට තාවකාලිකව වසාදමා තිබෙනවා.
දරු ප්‍රසූතියෙන් පසු නිවාඩු ලබාසිටි ඇය යළිත් නොවැම්බර් මස අවසන් සතියේ දින දෙකක් පාසලට පැමිණ ඉගැන්වීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් දාළ ආසාදිත ගුරුවරියගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගන්නා ගුරුවරුන් සහ සිසු සිසුවින් නිරෝධායන ක්‍රියාවලිය යටතේ PCR පරීක්ෂණ සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්