විදුහලේ ගුරුවරියකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මේ හේතුවෙන් එම විදුහලේ සියලුම සිසු සිසුවියන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තීරණය කර ඇත.
මොරවක ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ කොවිඩ් ආසාදිත ගුරුවරිය පසුගිය 27 වැනිදා පාසලට පැමිණ ඇති බවයි.
එම ගුරුවරිය ආසාදිත තත්ත්වයේ සිටියදී පාසලේ රැස්වීමකට සහභාගි වී ඇති බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව එම පාසලේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් ඇයගේ ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන, මීට අමතරව පාසලේ සියලු සිසුන් නිරෝධායනයට යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පියවර ගනිමින් සිටියි.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්