යාපනයේ පේදුරුතුඩුව, තික්කම් ප්රදේශයේ ගුරුවරියක ගමන්ගත් යතුරුපැදියක් අනතුරට ලක්කොට පළාගිය ටිපර් රථ රියදුරා ඊයේ (24) සොයාගෙන තිබේ.
පළාගොස් සැඟව සිටියදි සැකකාර 33 හැවිරිදි රියදුරා කොඩිකාමම් ප්රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව පොලීසිය සඳහන් කරයි.
වැලි පැටවූ ටිපර් රථයක් ගුරුවරියක ගමන් ගත් යතුරුපැදියක් අනතුරට ලක්කර පළායන ආකාරය ඒ ආසන්නයේ තිබුන CCTV කැමරාවක සටහන් ව තිබුණේ පසුගිය 21 වනදා ය.
ඒ මොහොතේ ටිපර් රථය නැවැත්වීමට ඒ් අසල සිටි පොලිස් නිලධාරීන් උත්සාහ කර තිබුණ ද ටිපර් රථයේ රියදුරා අණ නොතකා පළාගොස් තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර ගුරුවරියගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වී ඇත.
- මුලාශ්ර අරුණ පුවත්පත
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ