ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුරු – විදුහල්පති විරෝධතාවයක් පවත්වා නිරෝධායන නීති උල්ලංඝනය කළැයි පොලීසිය අත්අඩංගුවට ගත් ගුරුවරු 40 දෙනකු ඇතුළු 44 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (05) නියෝග කළේය.
සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැතැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන් එසේ ඇප මත මුදා හැරියේය.
මංමාවත් පනත, නිරෝධායන ආඥා පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහය ප්‍රකාරව මෙම සැකකරුවන් වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් පොලිසිය පෙරේදා (04) මෙම සැකකරුවන් 44 දෙනා අත්අඩංගුවට ගෙන ඊයේ (05) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත්විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 44 දෙනාගෙන් 40 දෙනකු දෙනෙකු ගුරුවරුන් වන අතර සෙසු හතර දෙනා රියදුරන් වශයෙන් කටයුතු කල අය බවද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණ
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරියාගම මෙනවිය ඇතුළු නීතිඥ මඩුල්ලක් සමඟ පොලීසිය අධිකරණය හමුවේ පෙනී සිටියහ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්