වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් මුල්කර ගනිමින් ගුරු-විදුහල්පති වෘත්තිය සමිති අරඹා තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකය.
ඒ අනුව ගුරු වර්ජනය හේතුවෙන් අදට දින 10ක් මාර්ගගත ඉගැන්වීම්වලින් ඉවත්වී ඇත.
අද (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අදාළ ඉල්ලීම් ලබාදෙන තෙක් තම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත්තේ ගුරු වෘත්තිය සමිති ඉල්ලා සිටින පරිදි ක්ෂණික ව වැටුප් ඉහළ දැමීමක් සිදුකළ නොහැකි බවය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති