දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තයට පැමිණි ගුවන් මගීන් 61 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
එම පිරිස දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි සිට ඇම්ස්ටඩෑම් දක්වා පැමිණ තිබුණි.
විදෙස් වාර්තා සඳහන් කළේ ගුවන්තොටුපොළට ගොඩබැස්සවූ ගුවන් යානා දෙකක සිටි මගීන් 600ක් වෛද්‍ය පරීක්ෂණ සඳහා ලක් කිරීමෙන් පසුව ආසාදිතයින් හඳුනාගත් බවය.
මේ අතර නෙදර්ලන්ත බලධාරීන් එම ආසාදිතයින් ගැන දැඩි අවධානයකින් පසුවන බව වාර්තා විය.
ඒ මේ දිනවල අප්‍රිකානු කලාපයේ රටවල හඳුනාගත් භයානක බවට අනුමාන කෙරෙන කොවිඩ් ප්‍රභේදයක් හේතුවෙනි.
එම කොවිඩ් ප්‍රභේදය ඔමික්‍රෝන් ලෙස හඳුන්වා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළේය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්