ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවයේ කටයුතු අන්තවාදයට උඩගෙඩි දෙන අයුරින් සිදුවන බවට චෝදනාවක් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් එහි සභාපතිවරයා වෙත අද (21) කර තිබේ.
මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව සභාපතිවරයා විසින් පොරොන්දු වූ බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගිය වර්ෂයේ පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර මෙවැනි අන්තවාදී පිළිබඳව තමන් වහන්සේ ඇතුළු පිරිසක් අනතුරු ඇඟවූ මුත් ඒ සම්බන්ධයෙන් කිසිවකුත් ගණන් නොගැනීම මතක් කර දුන් උන් වහන්සේ යළිත් එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතැබීම වගකිවයුත්තන්ගේ වගකීම බවද පෙන්වා දෙයි.
”අපි ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාට කතා කළා. එතුමා යම් යම් ක්‍රියාමාර්ග ගත්තා මේක නතර කරන්න. නමුත් අවාසනාවකට ඒ පිළිබඳ මෙලෝ අදහසක් නැති ඇතැම් මුස්ලිම් අන්තවාදී වරදානවලට යටත් වුණ සමහරක් නිලධාරීන් විශේෂයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙන්න පුළුවන් වෙනත් පාර්ශවයන් වෙන්න පුළුවන් මුදල්වලට හෝ වෙන මොන යම් හෝ වරදානවලට යටවෙලා මේ වැඩපිළිවෙල තවමත් බොහොම ජයට ගුවන් විදුලි සංස්ථාවේ කරගෙන යනවා”
ඒ අනුව ඊට සම්බන්ධ පුද්ගලයන් ගැන අමාත්‍යවරයාට දැනුම් දුන් අතර වහාම ඔවුන්ගේ සේවය නතර කර මුස්ලිම් ආගමික කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කරන ලෙසත් ඉල්ලා සිටි බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්