ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර පත් කළ බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරය දැරූ ජගත් වික්‍රමසිංහ අදාළ ධුරයේ කටයුතු කරන බව ඊයේ (15) උදෑසන ඇතැම් ජනමාධ්‍ය ආයතන වාර්තා කර තිබිණි.
කෙසේ වෙතත් ඒ පිළිබඳව කරන ලද විමසීමකදී ඇමැතිවරයා සඳහන් කළේ සභාපතිවරයා ඉවත් වූ බවයි.
සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය ඔවුන් තනතුරුවලින් ඉවත් වූ බවට ලිඛිතව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම් දී ඇතැයි අමාත්‍යවරයා පැවසී ය.
ලබන සතියේ නිශ්චිතවම නව සභාපතිවරයෙක් සහ අධ්යක්ෂ මණ්ඩලයක් ගුවන් විදුලි සංස්ථාවට පත් කිරීමට බලාපොරොත්තු වන බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ