ශ්‍රී ලංකා ගුවන් හමුදා පිහිනුම් ශූර නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා විසින් පසුගිය 11 වැනිදා නව ආසියානු වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ , තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනා ගොස් නැවත පෝක් සමුද්‍ර සන්ධිය හරහා තලෙයිමන්නාරමට පිහිනීමෙනි. මෙය අගයමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් රොෂාන් අබේසුන්දර මහතාට ඊයේ(15) දින සිට නායක ගුවන් භට නිලයේ සිට කෝප්‍රල් නිලය දක්වා උසස්වීමක් ලබා දීම ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු විය.
- මුලාශ්‍ර දිනමිණ පුවත්පත
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට