මැද පෙරදිග සේවය කරමින් සිටියදී , ගෙල සිඳ මරා දැමූ මළ සිරුරු තුනක් ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකයෙක් පැවසීය .
එහෙත් මෙම ප්‍රවෘත්තිය පළවීමත් සමගින් ලංකාදීපයට කතා කළ සෞදි අරාබියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති මධූක වික්‍රමාරච්චි මහතා තිදෙනකුගේ ගෙළ කපා මරා දමා ඇති බව ප්‍රතික්ෂේප කර සිටියේය.
වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේ අද දින (7 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට එවා ඇත්තේ මළ සිරුරු 4 ක් පමණක් බවත් එයින් එක් අයකු සියදිවි හානිකරගත් පුද්ගලයකුගේ බවත්ය.
කෙසේ වෙතත් අද (7) සෞදි අරාබියේ රියාද් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම මළ සිරුරු තුනත් සමග තවත් මළ සිරුරු 4 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර , ඒ අනුව එම ගුවන් යානයෙන් මළ සිරුරු 7 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ බවත්, ඔවුන් අතුරින් සිව් දෙනකු වෙනත් හේතු මත මිය ගොස් සිටි අයගේ මළ සිරුරු බවත් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයා පැවසීය .
ගෙල කපා මිය ගිය තිදෙනා කැළණිය , බියගම පාරේ , පංසල අසළ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. එමෙන්ම ඔවුන් එකම පවුලේ සාමාජිකයන් තිදෙනකු බවට තොරතුරු ද වාර්තා වේ . මෙම තිදෙනා දරුණු අයුරින් කපා කොටා , පසුව ගෙළ සිද මරා දමා ඇති බව මෙම මළ සිරුරු සමග තිබූ ලිපි ලේඛන වලින් අනාවරණය වන බව පැවසේ .
මෙසේ මරා දමා ඇති පවුලේ පියාගේ වයස අවුරුදු 59 කි. මවගේ වයස අවුරුදු 55 ක් වන අතර ඔවුන්ගේ දුවගේ වයස අවුරුදු 34 කි . මේ වනවිට මෙම මළ සිරුරු 3 පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සදහා මීගමුව මහ රෝහල වෙත යොමු කර තිබේ .
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්