චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ සංඛ්‍යාලේඛනයට අනුව ගෙවී ගිය වසර 10 තුළ රටවල් 152ක් හා ජාත්‍යන්තර සංවිධාන 32ක් සමග චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ සංවර්ධනය කිරීමේ සහයෝගිතා ලේඛන 200කට වැඩි ප්‍රමාණයකට අත්සන් තබා තිබේ. චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැගීමේ රටවලින් සියයට 83ක් ඉන් ආවරණය කෙරේ.
මෙම කාලය තුළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල මගින් පොදු සංවර්ධනයේ ඉලක්ක සාක්ෂාත් කර ගෙන තිබීම ද විශේෂත්වයකි. ඒ සඳහා පහසු ප්රවේශයන් ද විවෘත වී ඇත. චීන යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මාර්ගය, බටහිර චීනයේ නව ගොඩබිම්-මුහුදු කොරිඩෝව, චීන-ලාඕස දුම්රිය මාර්ගය ඇතුළු ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව මෙමගින් සංවර්ධනය කර තිබේ.
එමෙන්ම ආයෝජන හා වෙළඳ මට්ටම ද අඛණ්ඩව දියුණු වෙමින් පවතී. 2013 වසරේ සිට 2022 වසර වනවිට චීනය හා මෙම වැඩපිළිවෙල සමග සම්බන්ධ රටවල් අතර භාණ්ඩ වෙළඳාමේ අපනයන හා ආනයන ප්‍රමාණය හා මූල්‍ය නොවන ඍජු ආයෝජන ප්‍රමාණයේ වාර්ෂික වර්ධන අනුපාතය පිළිවෙළින් සියයට 8.6ක් හා 5.8ක් බවට පත්ව තිබේ.
ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය තහවුරු වීම කැපී පෙනෙන ලෙස වැඩිදියුණු වී ඇත. චීන සමාගම් විසින් අදාළ රටවල ස්ථාපිත කරන ලද ආර්ථික හා වෙළඳ සහයෝගිතා කලාප මගින් ප්‍රාදේශීය වශයෙන් රැකියා ලක්ෂ 4.21ක් පමණ නිර්මාණය කිරීමට හැකි වීම ද සුවිශේෂ ජයග්‍රහණයකි.
More Stories
ෂී ජින් පිං සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක්
චීන හමුදා ජ්‍යෙෂ්ඨයන්ට චීන ජනපතිගෙන් වසන්ත උත්සවයට සුබ පැතුම්
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්