ඉකුත් මාස දෙකෙහි චීනයේ ආර්ථික දත්ත (17) නිකුත් කිරීමෙන් අනතුරුව විදෙස් මාධ්‍ය ඒ පිළිබඳ ධනාත්මක අදහස් පළ කර තිබේ. එම දත්ත මගින් චීනයේ පරිභෝජන හා කර්මාන්ත නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍රයන්හි පෙන්නුම් කෙරෙන්නේ “විස්මිත හා ප්‍රබල ජවයක්” බව The Wall Street Journal පුවත්පත ඇතුළු විදෙස් මාධ්‍ය පවසා ඇත. පසුගිය වසරේ අදාළ කාලසීමාවේ චීන ආර්ථික දත්ත තරමක් ඉහළ මට්ටමක පැවතීම තුළ මෙන් ම සෘණාත්මක බාහිර බලපෑම් පවතින පසුබිමක චීනය එවන් ආර්ථික වර්ධන ප්‍රගතියක් ලබා තිබීම ප්‍රශංසනීය බව අමුතුවෙන් කිව යුතු නැත. මෙය මේ වසරේ ආර්ථික වර්ධනය සඳහා වන සුබවාදී ආරම්භයක් බව පිළිගැනේ. චීන ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳව විදෙස් මාධ්‍ය ධනාත්මක ආකාරයෙන් වාර්තා කරන්නේ එබැවිනි.
විදේශ ආයෝජකයන් චීනය පිළිබඳ තව තවත් සොයා බලමින් සිටින බවත්, ඇතැම් විශේෂ ක්ෂේත්‍රයන්හි ඔවුන්ට චීනයෙන් දැවැන්ත පෙරළියක් හා පුළුල් අවස්ථා ලැබෙන බවත්, බ්‍රිතාන්‍යයේ The Financial Times පුවත්පත පවසයි. චීනය පිළිබඳ විදේශ ආයෝජකයන්ගේ එම සොයා බැලීම් අතරින් චීනය සතු අති දැවැන්ත වෙළඳපොළ සහ නවෝත්පාදන ධාරිතාව කැපී පෙනේ. එසේ ම චීන වෙළඳපොළ තවදුරටත් විදෙස් රටවල් සඳහා විවෘත කිරීමට මධ්‍යම රජය ගත් තීරණය විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය වඩාත් තහවුරු කර තිබේ. පසුගිය ජනවාරි මාසයේ චීනය “2025 වසරේ විදෙස් ආයෝජන ස්ථාවර කිරීමේ ක්‍රියාකාරී සැලැස්ම ”නිකුත් කළේ ය. ඉන් අනතුරුව පැවති චීන සැසිවාර දෙකෙන් ද තහවුරු වූයේ චීනය විදේශයන් කෙරේ වඩාත් ඉහළ මට්ටමකින් විවෘත වනු ඇති බවයි. එමගින් විදේශ ආයෝජකයන් චීනයේ ආයෝජනය කිරීම වෙනුවෙන් වඩාත් පහසුකම්, අවස්ථා සහ නිදහස සැලසෙන බව විශ්වාස කෙරේ.
More Stories
චීනයේ වාර්ෂික සැසිවාර දෙකෙන් පිළිබිඹු වන ජනතා ප්රජාතන්ත්රවාදය
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ වාර්ෂික සැසියේ කාර්යභාරය
සිය සළුපිළි උනා දැමූ ඇමරිකාව ගැන චීනයේ මතය