රටින් පිටව ගොස් සිටින ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත යුතු බවට බි‍්‍රතාන්‍යයේ ලිබරල් ඩිමොකොටික් පක්ෂ නායක එඩ්. ඩේවි එරට පාර්ලිමේන්තුවට යෝජනා කර තිබෙනවා.
මොහු සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ සහයකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරේන්තුවක් නිකුත් කරළ යුතු බවයි.
මෙරට වත්මන් අර්බුද තත්ත්වයට රාජපක්ෂ පාලනය වගකිවයුතු බව ද එඩ් ඩේවි එරට පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සහයෝගය ලබාදීම සඳහා ආර්ථික සහ දේශපාලන සැළැස්මක් වෙනුවෙන් බි‍්‍රතාන්‍යය ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කළ යුතු බවයි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්