ගෝඨාභයට ඡන්දෙ දීලා මං කළේ ගොංකමක්ද කියලා හිතෙනවා – හඩ්සන් සමරසිංහ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක පාලකයෙක් බව ප්‍රවීන මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට විශාල මෙහෙයක් කළ තමන් එදා සිදු කරන ලද්දේ ගොන්කමක් දැයි කල්පනා වන බවත් තමන්ගේ ඇස් වලට කඳුළු වන බවයි ඔහු පවසන්නේ.

සෞඛ්‍ය සේවා යොදමින් වසංගතය මර්දනය කිරීම වෙනුවට වෙල්ලමුල්ලිවයික්කාල් යුද මෙහෙයුම ආකාරයෙන් ජනතාව මත බලහත්කාරය යෙදවීම නිසා සිදුවන්නේ රෝගීන් ඉදිරිපත්වීම නොවන බවත් අත්දැකීම් නැති හමුදා භටයන් සෞඛ්‍ය ආපදාවකදී යෙදවීමෙන් නාවික හමුදාවටම ව්‍යාප්වීමේ තත්වය දැන්වත් පාඩමක් ලෙස ගන්නා ලෙසද ඔහු ජනාධිපතිවරයාට අවධාරණය කළේය.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ V fm ගුවන් විදුලි නාලිකාව සමග පැවති විශේෂ වැඩසටහනකට සහභාගී වෙමින්.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com