ආණ්ක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය හරහා විධායක බලතලද වැඩිකරගත් වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දුටු විට ඔහුව බලයට ගෙනඒමට විශාල කැපකිරීමක් කළ තමන් ඇතුළු කන්ඩායමට බලවත් කණගාටුවක් තිබෙන බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි.
අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කරන්නේ “පුටින් කෙනෙක් බලාපොරොත්තුවෙන් ඡන්දය දුන්නත් ලැබිල තියෙන්නේ හිටං කෙනෙක්” බවයි.
ගෝඨාභය ජනාධිපතිවරයා “වැනෙන” තීරණ ගන්නේ නම් ඔහු වෙනුවට වෙනත් කෙනෙකු පත්කර ගැනීමට අනාගතයේදි ක්‍රියාකරන බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි වැඩිදුරටත් පවසයි.
අද වන විට රට පාලනය කරන්නේ ජනාධිපතිවරයා නොව ඔහු වටේ සිටින කල්ලියක් විසින් බවත් සියලු තීන්දු තීරණ ගන්නේ ගෝඨාභය නොව එම සුළුතර කල්ලිය විසින් බවද පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කරති.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීම හා මෙම ආණ්ඩුව බලයට ගෙනඒම පිලිබදව තමන් සිටින්නේ බරපතළ කලකිරීමකින් බවත් ළඟදීම රට හැර යන බවත් උන්වහන්සේ කියා සිටි.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්