පිහිටවන ලද ආණ්ඩුවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම ජනතාවගේ වගකීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.
ඒ, රුපියල් කෝටි 14ක වියදමෙන් මහල් හතරකින් යුතුව ඉදිකළ බේරුවල ප්‍රාදේශිය සභා බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
ගමකට සේවය කිරීමට නම් සේවය ලබා ගන්නා ස්ථානය මනා ලෙස පැවතිය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
ගම සංවර්ධනය සඳහා කැපවෙන බව සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ නගරයේ පවතින පහසුකම් ගමට ලබා දෙන බවයි.
ග්‍රාමීය සංවර්ධනයේ දී ජලය, විදුලිය, මහා මාර්ග ආදියට ප්රමුඛස්ථානයක් ලබා දීම අත්‍යාවශ්‍ය බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිනකට පැය 15 ක් පමණ වැඩ කරන නායකයෙක් බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට