ගාලු මුවදොර හා විරෝධතා ආශ්‍රිත ප්‍රදේශවල සැරිසැරීමේදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පෙන්වා දෙන්නේ පසුගිය මාස 2ක ආසන්න කාලය තුළ ගාලු මුවදොර සහ විරෝධතා පැවැත්වෙන ප්‍රදේශයේ සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් කොටුව පොලීසියට පැමිණිලි රාශියක් ලැබී ඇති බවය.
යතුරුපැදි සොරකම් කිරීම්, ත්‍රීරෝද රථ සොරකම් කිරීම්, ජංගම දුරකථන සොරකම් කිරීම් සහ මුදල් සොරකම් කිරීම් ඒ අතර වන බව පොලීසිය පවසයි. පුද්ගලයින් අතර ඇතිවන ආරවුල් නිසා පහරදීම් පිළිබඳවද වාර්තා වී ඇති අතර ඊයේ (16) රාත්‍රියේද එවැනි පහරදීමක් වාර්තා වූ බවත් සඳහන් කරයි. ගාලු මුවදොර ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙක් අතර සිදුවූ එම පහරදීමේදී එක් අයෙක් රෝහල්ගත කෙරුණු අතර පහරදුන් පුද්ගලයාව කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් අදාළ සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවට සැකකරන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්