ඇමරිකාව ගෝලීයව සිදු කරන සයිබර් ප්‍රහාර නතර කළ යුතු බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි.
ඇය එසේ ප්‍රකාශ කළේ අද(14) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. ඇමරිකාව ඊනියා“Volt Typhoon” සංවිධානය පිළිබඳව උද්දීපනය කරමින් සෙසු රටවලට අසත්‍ය චෝදනා එල්ල කිරීමෙන් සිය සයිබර් ප්‍රහාර ක්‍රියා ආවරණය කිරීමට උත්සාහ කර ඇතැයි චීන ජාතික පරිගණක වෛරස් හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය ඇතුළු ආයතන මෑතකදී නිකුත් කළ වාර්තා හෙළි කරන බව එහිදී මාධ්‍ය වේදියෙක් සඳහන් කළේය. ඒ පිළිබඳ චීනයේ අදහස කුමක් දැයි ද ඔහු විමසීය.
මෙවර නිකුත් වූ වාර්තා හෙළි කර ඇති සැබෑ තොරතුරු හේතුවෙන් කම්පනයට පත් වූ බව මාඕනිං මහත්මිය කියා සිටියාය.
ඒ අනුව, ඇමරිකාව සිය දියුණු තාක්ෂණය හා මුහුදු පත්ලේ කේබල් පහසුකම්හි වාසිය භාවිත කොට සෙසු රටවල් කෙරෙහි සයිබර් ප්‍රහාර සිදු කරන අතරම ගෝලීය වශයෙන් විශාල පරිමාණයේ, පද්ධතිමය සයිබර් සවන්දීම සිදු කරමින් සිටියි. ජර්මනිය ඇතුළු සිය සන්ධාන රටවල රහස් සොරකම් කිරීම් ද ඇමරිකාව කෙදිනකවත් නතර කර නොමැත. ඒ අතරතුර ඇතැම් ඇමරිකානු විද්‍යා තාක්ෂණ සමාගම්, රජයේ අපරාධ සහායකයන් ලෙස ක්‍රියා කර ඇතැයි ද මාඕ නිං මහත්මිය සඳහන් කළාය.
ඇමරිකාවේ වගකීම් විරහිත ක්‍රියා හෙළා දකින චීනය, වහාම ගෝලීය සයිබර් ප්‍රහාර නතර කර අන්තර්ජාල ආරක්ෂක ක්ෂේත්රය පිළිබඳව චීනයට අපහාස කිරීම නතර කරන ලෙස එරටින් ඉල්ලා සිටින බව මාඕනිං මහත්මිය ප්‍රකාශ කළාය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි