ගෝලීය ආර්ථික ඛණ්ඩනය හේතුවෙන් ගෝලීය දළ දේශීය නිෂ්පාදිත වටිනාකම සියයට 7කින් අඩු වනු ඇති බව ජාත්‍යන්තර මුදල් අරමුදලේ සභාපතිනි Kristalina Georgieva මහත්මිය ඊයේ(2) CNN නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවාය. ජාතික ආරක්ෂාව සම්බන්ධ අදාළ සීමා වැඩි වෙමින් ඇති අතර භූ දේශපාලනික සාධක ගෝලීය ආර්ථිකයේ බෙදීම් ඇති කරන බව ද ඇය කියාසිටියාය. එම ආර්ථික ඛණ්ඩනයට මැදිහත් නොවුනහොත් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතය සියයට 7කින් අහිමි වනු ඇත. එම අගය, ප්‍රංශයේ හා ජර්මනියේ සමස්ත වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකමට සමාන ය.
අක්‍රමවත්ව ගෝලීය ආර්ථිකය බෙදීම වෙනුවට රටවල් අතර ඇති අරගල අඩු කිරීමට සැබවින්ම අර්ථවත් ආරක්ෂක ගැටළු කෙරෙහි අවධානය යොමු කිරීම සියළු පාර්ශ්වයන්ට හිතකර ය. නැතහොත් ගෝලීය ආර්ථිකයේ පරිමාණය වඩාත් අඩු වනු ඇති බව ද ඇය අවධාරණය කළාය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්