චීනය ගෝලීය ආර්ථික වර්ධනයේ ප්‍රබලම එන්ජිම බව විවිධ පාර්ශ්වයන්ගේ පොදු මතය වී ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේ ය.
චීනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන නියෝජිත Steven Alan Barnett මහතා පසුගිය දා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ චීනය, මෙම වසරේ ගෝලීය ආර්ථික වර්ධනයට තුනෙන් එකක ප්‍රබල ශක්තියක් එක් කර ඇති බවයි. එමෙන්ම ලබන වසරේදී ද චීන ආර්ථිකයට සවිමත් වර්ධනයක් අත් කරගැනීමට හැකි වනු ඇතැයි ද ඔහු පුරෝකථනය කළේ ය.
මේ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියාසිටියේ චීන රජය සකසා ඇති සාර්ව ප්රතිපත්තීන් ආර්ථික ප්‍රකෘතිමත් බව තහවුරු කර ඇති බවයි. අධිගුණාත්මක විවෘතභාවය චීනය අඛණ්ඩ ව සහතික කර ඇත. එමෙන් ම නොකඩවාම යහපත් ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමෙන් සමස්ත ලෝකයත් සමග එක්ව සිය සංවර්ධන ප්රතිලාභ හුවමාරු කර ගැනීම චීනයේ අපේක්ෂාව බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි