ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ තවත් වාර්තාගත ඉහළ යෑමක් ඊයේ (17දා) වාර්තා කළ අතර, ඒ අනුව ගෙවුණු පැය 24 තුළ ආසාදිතයන් සංඛ්‍යාව 237,743කින් ඉහළ ගොස් තිබෙනවා.
මෙහිදී විශාලතම ආසාදිත වර්ධනය සිදුකර ඇත්තේ එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවෙනි. මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ආසාදිතයන් සඳහා දෛනික වැඩිම ඉහළ යෑම ජූලි 12දා වාර්තා වූ අතර, එම අගය 230,370කි.
මේ වනවිට ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි හතලිස් ලක්ෂය ඉක්මවා ඇති අතර, සමස්ත මරණ සංඛ්‍යාවද ලක්ෂ 6 සීමාව පසුකර තිබෙනවා.
More Stories
පදනම් විරහිත චෝදනා එල්ල නොකරන්නැයි චීනයෙන් ඇමරිකාවට දැඩි ප්‍රකාශයක්
එක්සත් ජාතීන් සමග පුළුල් සහයෝගීතාවක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි
චීනයේ විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ තීරණයට දැඩි විරෝධයක්