එක්සත් රාජධානියේ ග්ලාස්ගෝව්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව තුළදී ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ලෝක නායකයන්ගෙන් සාර්ථක ප්‍රතිචාරයක් ලැබී ඇති බව ජගත් මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරස් ප්‍රකාශ කළා.
කාර්මික යුගයකට සාපේක්ෂව ගෝලීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1 යි දශම 5 කින් ඉහළ යාම පාලනය කර ගැනීමටයි එම සමුලුවේදී අවධාන යොමු කර ඇත්තේ.
එක්සත් ජාතීන්ගේ පාර්ශවකරුවන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේ 26 වන සැසිවාරය ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හී දී ඊයේ ආරම්භ වුණා.
මෙහිදී රටවල් 200ක පමණ නියෝජිතයින් පෘථිවියේ ආරක්ෂාව වෙනුවෙන් 2030 පමණ වනවිට ඒ ඒ රටවල් විසින් කාබන් විමෝචනය අවම කරන ආකාරය පිළිබද කරුණු දැක්වීමට නියමිතයි.
මෙවර සමුළුව පැවැත්වෙන්නේ මානවයා විසින් සිදු කරන පොසිල ඉන්ධන දහනය හේතුවෙන් පෘථිවිය මහා දේශගුණික විනාශයකට මුහුණ දෙමින් ඇති බවට විද්‍යඥයන් විසින් අනතුරු අඟවා ඇති පසුබිමක වීම විශේෂත්වයක්.
සති දෙකක් පුරා පැවැත්වෙන සම්මේලනය අමතමින් බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, මෙම අවස්ථාවෙි නිසි ලෙස කටයුතු කරනවාද එය පැහැර හරිනවාද යන ගැටලුව සියලු දෙනා හමුවේ පවතින අභියෝගයක් බවයි.
More Stories
චීන-වියට්නාම හවුල් අනාගතයක් සහිත ප්‍රජාවක් නිර්මාණය කිරීම තවදුරටත් ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් ඇරයුම්
චීන මාධ්‍ය සමූහය වියට්නාම රූපවාහිනිය ඇතුළු ආයතන තුනක් සමග සහයෝගීතා ලේඛනවලට අත්සන් තබයි
අධිපතිවාදය සහ ආරක්ෂණවාදයට විරුද්ධ වන්නැයි චීන ජනපතිගෙන් ඉල්ලීමක්