චීන මාධ්‍ය සමූහය, ජී-20 කණ්ඩායමේ තරුණ සමුළුව (Y20) සහ බ්‍රසීලයේ ජනාධිපති මන්දිරයේ මහ ලේකම් කාර්යාලය, බ්‍රසීල වේලාවෙන් 18වැනිදා රියෝ ද ජැනයිරෝ හිදී “ගෝලීය දකුණේ” රටවල තරුණ තරුණියන් සඳහා මුහුණට මුහුණ මාධ්‍ය ක්‍රියාවක් දියත් කර තිබේ. ශ්‍රී ලංකා ජාතික රූපවාහිනිය ද ඇතුළුව ලොව රටවල් 74ක මාධ්‍ය ආයතන 215ක අනුබලයෙන් සහ සහභාගීත්වයෙන්, “ගෝලීය දකුණේ” රටවල මාධ්‍ය අත්වැල් බැඳගනිමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමේ මුලපිරීම් නිකුත් කරන ලදී. ඒ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජී-20 කණ්ඩායමේ 19වන නායක සමුළුවට සහභාගි වීම සහ එරට නිල සංචාරයක නිරත වීම නිමිත්තෙනි.
චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ බ්‍රසීල ජනාධිපති මන්දිරයේ ජාතික තරුණ මහලේකම් Dos Santos මහතා එම මාධ්‍ය ක්‍රියාව එළිදැක්වීමේ උත්සවයට සහභාගී වී දේශන පැවැත්වූහ. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඇතුළු ප්‍රභූවරුන් සහ ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන් රැසක් මෙම අවස්ථාව වෙනුවෙන් සුබපැතුම් ලිපි සහ වීඩියෝ පණිවුඩ එවා තිබිණ.
“ගෝලීය දකුණේ” රටවල තරුණ ප්‍රජාව අතර හුවමාරු සහ සහයෝගීතාවය නව තලයකට ගෙන එමින් අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීම සහ අන්තර් සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම මගින් එම රටවල සංවර්ධන ක්‍රියාවලියට වැඩි ප්‍රතිලාභ ගෙනෙන නව අවස්ථාවක් උදා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය සිය සුබපැතුම් ලිපියේ සඳහන් කර ඇත. මෙම තරුණ අන්තර් මාධ්‍ය මෙහෙයුම අනාගත ලෝකය සඳහා ගෝලීය තරුණ ප්‍රජාව සක්‍රීය ලෙස සහභාගී කර ගන්නා වේදිකාවක් වනු ඇති බව විශ්වාස කරන බව ද ඇය පැවසුවාය.
“ගෝලීය දකුණේ” රටවලට සහ ලෝකයේ ඕනෑම ජාතියකට “යෞවනය” සුන්දර හා වටිනා සම්පතක් බව Shen Haixiong මහතා පැවසීය. මෙම ලෝකයේ සෑම තරුණ සිහිනයක්ම ආරක්ෂා කිරීම සඳහා චීන මාධ්‍ය සමූහය හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
උත්සවයේදී, චීන මාධ්‍ය සමූහය, අයිබීරියා ඇමරිකානු ක්‍රීඩා කවුන්සිලය, අයිබීරියා ඇමරිකානු ජාත්‍යන්තර තරුණ සංවිධානය ඇතුළු ආයතන සමග එක්ව, ක්‍රීඩා විකාශනය, පුද්ගල හුවමාරුව, වැඩසටහන් නිෂ්පාදනය සහ වෙනත් ක්ෂේත්‍රවල බහුවිධ සහයෝගීතාවයන්ට පැමිණ ඇත.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්‍රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ