ප්‍රභාසංශ්්ලේෂණය, උත්ස්වේදනය වැනි පරිසර ක්‍රියාවලීන් පිළිබඳ නිසි දැනුමක් නොමැති වත්මන් ආණ්ඩුව කැලෑ විනාශ කරන කණ්ඩායමක් බවට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පැවති කිසිම රජයකට වඩා හොඳින් රටේ ස්වභාවික වන සම්පත සුරකින බවට ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ ආණ්ඩුව බරපතළ ලෙස රටට හානිදායී පරිසර විනාශ රැසක් මේ වනවිට සිදුකරමින් සිටින බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. ‘අද ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා, අද වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් ප්‍රවේශ වීම වර්ධනය වෙලා තිබෙනවා. හිම කඳු, අයිස් කඳු, ග්ලැසියර් දිය වෙමින් යනවා.
මුහුදු මට්ටම වැඩි වෙමින් පවතිනවා. අපි හිතන්නට ඕන අපේ මතු පරම්පරාවට මොනවගේ රටක්ද මොනවගේ ලෝකයක් ද අපි දායාද කරන්නේ කියලා? කෙටි කාලීන අවශ්‍යතාවන් සඳහා කැලෑ විනාශ කරමින් යන මේ ආණ්ඩුව ගෝලීය පාරිසරික අභියෝග පිළිබඳ නොදන්නේ දැයි’ ඔහු ප්‍රශ්න කර සිටියේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්