චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටු කාර්යාල අධ්‍යක්ෂ වං යී මහතා බ්‍රික්ස් රටවල ආරක්ෂක කටයුතු පිළිබඳ උසස් පෙළේ නියෝජිතයන්ගේ සමුළුවට එක් වෙමින් ගෝලීය සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳ චීනයේ යෝජනාව ඉදිරිපත් කළේය. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයෙර් (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීනයේ යෝජනාව වැඩිදුරටත් පැහැදිලි කළාය. Global South යනු නැඟී එන වෙළඳපොළ සහිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවලින් සමන්විත සමූහයකි. වං යී මහතා එම සමුළුවේදී Global South සහයෝගිතා ශක්තිමත් කිරීම පිළිබඳ යෝජනා 4ක් ඉදිරිපත් කළ බව Mao Ning මහත්මිය කීවාය. ගැටළු සමනය කිරීම හා සාමය පොදුවේ ගොඩනැගීම, පුනර්ජීවනය හා ඒකාබද්ධව වර්ධනය ප්‍රවර්ධනය කිරීම, විවෘත භාවය හා වෙනස්කම් පිළිගැනීම සහිත පොදු වර්ධනය , එකමුතුවෙන් සහයෝගිතා සාකච්ඡා කිරීම ඊට ඇතුළත් ය. නැගී එන වෙළඳපොල සහිත රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමට චීනය කැමැත්තෙන් සිටින බව Mao Ning මහත්මිය අවධාරණය කළාය.
ගෝලීය සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගිතාව වෙනුවෙන් චීනයෙන් යෝජනාවක්

More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්