BRICS මූලධර්ම මත ස්ථිරව කටයුතු කරමින්, වත්මන් ආධිපත්‍යය හමුවේ ගෝලීය සාධාරණත්වය ආරක්ෂා කිරීමේ ප්‍රධාන බලවේගය ලෙස කටයුතු කරන්නැයි චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා BRICS සාමාජික රටවලින් ඉල්ලා සිටී. බ්‍රසීලයේ Rio de Janeiro හි පැවති බ්‍රික්ස් සාමාජික සහ හවුල්කාර රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වෙමින් හෙතෙම ඊයේ(29) මේ බව ප්‍රකාශ කර ඇත.
බ්‍රසීල විදේශ ඇමති Mauro Vieira මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී විදේශ ඇමතිවරු සහ ඉහළ මට්ටමේ නියෝජිතයෝ ගෝලීය දකුණේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ බහුපාර්ශ්විකත්වය සහතික කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.
‘මහා බ්‍රික්ස් සහයෝගීතාව’ඔස්සේ සාමූහිකව පොදු ප්‍රතිලාභ හුවමාරු කර ගනිමින් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ආරක්ෂා කර, වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් නිර්මාණය කර ගත යුතු බව Wang Yi මහතා එහිදී සඳහන් කර ඇත.
සාමකාමී ක්‍රම ඔස්සේ ආරවුල් මෙන්ම මතභේද විසඳා ගැනීමට BRICS රටවල් එක්ව කටයුතු කළ යුතු ය. යුක්‍රේන අර්බුදයට දේශපාලනික විසඳුමක් ලබා දීමට අවශ්‍ය ජාත්‍යන්තර සම්මුතියක් ඇති කර ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග, විශේෂයෙන් BRICS රටවල් සමග එක්ව කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරන බව ඔහු පෙන්වා දී ඇත.
මේ අතර අරාබි සහ ඉස්ලාමීය රටවල් විසින් අනුමත කරන ලද ගාසා ප්‍රතිසංස්කරණ හා ප්‍රතිනිර්මාණ සැලැස්ම වෙනුවෙන් BRICS රටවල සහාය ලබා දෙමින්, පලස්තීන ජනතාව විසින් පලස්තීනය පාලනය කිරීම” යන මූලධර්මය දැඩිව ආරක්ෂා කිරීමට ද සහයෝගය ලබා දිය යුතු බව Wang Yi මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
More Stories
නව කොරොනා වසංගතයේ මූලාරම්භය පිළිබඳව ඇමරිකාව ලෝකයට නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි–චීනය
චීනයේ 15 වැනි පස් අවුරුදු සැලසුම පිළිබඳ චීන ජනපතිගෙන් උපදෙස්
බ්‍රික්ස් රටවල නව සංවර්ධන බැංකු මූලස්ථාන පරිශ්‍රය නිරීක්ෂණයට චීන ජනපති එක් වෙයි