ගෝලීය සැමරුමක් බවට පත් වූ චීන වසන්ත උත්සවයෙන් ලොවට පණිවිඩයක්

යුනෙස්කෝ සංවිධානයේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් වූ ප්‍රථම වසන්ත උත්සවය උදා වී ඇත. ඒ සමගම The Rednote යන මාධ්‍ය වේදිකාවන්හි චීන මාධ්‍ය සමූහයේ “2025 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය” නැරඹීම, චීන සාම්ප්‍රදායික සිරිත් විරිත් අත්දැකීම්, නව වසර සුබ පැතුම් හුවමාරු කිරීම යනාදී කරුණු සහිත පළ කිරීම් සහ ප්‍රතිචාර කෙරෙහි ලොව පුරා ජනතාවගේ අවධානය යොමුව තිබේ. වසන්ත උත්සවය චීන අලුත් අවුරුද්දේ සිට සැබවින්ම ගෝලීය උත්සවයක් බවට පත් ව තිබේ. 

පසුගිය වසර අවසානයේදී“වසන්ත උත්සවය හා බැඳුනු පුළුල් චාරිත්‍ර වාරිත්‍ර සමස්ත චීන සමාජයට සම්බන්ධ වන අද්විතීය සංස්කෘතික අංගයන්” ලෙසට, එම උත්සවය ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම ලැයිස්තුවට යුනෙස්කෝ සංවිධානය විසින් ඇතුළත් කෙරිණ. වසන්ත උත්සවය හා චීන සංස්කෘතියට ලොව පුරාම පොදු පිළිගැනීමක් ලබා දීම ඉන් සනිටුහන් කෙරේ. මෙවර වසන්ත උත්සව සැමරුම්  ක්‍රියාකාරකම්වල ‘ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික කරුණු’ මනා ලෙස පෙන්වා දී තිබේ. වසන්ත උත්සවය ගෝලීය පොදු උත්සවයක් ලෙස බවට පත්වූ අතර සමස්ත ලෝකයට ප්‍රීතිමත් සහ සාමකාමී පණිවිඩ පතුරුවා හැරීම සුවිශේෂත්වයකි.

එපමණක් නොව, වසන්ත උත්සවය ලොව පොදුවේ පිළිගන්නා මෙන්ම අගය කරන චීන සංස්කෘතික සංකේතයක් බවට පත්විය. වසන්ත උත්සවය හරහා වඩාත් විවෘතව හා අවබෝධයෙන් යුතුව සමස්ත ලෝකයට චීනය දෙස බැලිය හැකි වූ අතර චීන මාදිලියේ නවීකරණයේ විචිත්‍රවත්භාවය එයට සාක්ෂි සපයනු ඇත.

වසන්ත උත්සවය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කළ “2025 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය” මගින් එය මනා ලෙස පිළිබිඹු කර ඇත. ලෝකයේ රටවල් හා ප්‍රදේශ 200ක මාධ්‍ය ආයතන 2900ක වැඩි ප්‍රමාණයක් එම ප්‍රසංගය සජීවිව හෝ විවිධ ආකාරවලින් විකාශය කිරීම හෝ වාර්තාකරණය සිදු කර ඇත. නව මාධ්‍ය වේදිකාවල එම ප්‍රසංගය පිළිබඳ කරුණු කියවීම් වාර ගණන බිලියන 1.738කි. විදේශිකයන්හි අදාළ වීඩියෝ නැරඹූ වාර ගණන මිලියන 520කි.

නව වසරේ උදාවත් සමග සමස්ත ලෝකයට සාමය, සංහිඳියාව, මෙන්ම සෑම කෙනෙකුටම සැපවත් ජීවිතයක් ගත කිරීමේ චීන ජනතාවගේ අපේක්ෂාව මුළු ලොවට ඉදිරිපත් කරන වසන්ත උත්සවය හුදෙක් චීනයට පමණක් නොව සමස්ත ලෝකයට හිමි උරුමයක් බව නිසැකව කිව හැකිය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com