පාකිස්තානයේ සියැල්කෝට් නගරයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී අමානුෂික ලෙස ගිණිතබා ඝාතනය කළ ප්‍රියන්ත දියවඩන මහතාගේ සිරුරේ අවශේෂ කොටස් අද පස්වරුවේ දිවයිනට රැගෙන එනු ලැබුවා
ඒ ලාහෝර් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ-එල් 186 දරණ ගුවන් යානයෙන්
පසුව ගුවන්තොටුපලේ සිට විශේෂ රිය පෙරහැරකින් ගනේමුල්ලේ පිහිටි ඔහුගේ නිවස වෙත එම කොටස් රැගෙන එනු ලැබූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ
අනතුරුව ඒ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතයි
මේ අතර මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් 26 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පාකිස්ථානු අධිකරණය නියෝග කර තිබෙනවා
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්