ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඒ ක්‍රිකට් කමිටුව හා ජාතික තේරීම් කමිටුව හමු වී සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ඉල්ලමිනි.
පසුගිය කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනීමේදී අනුගමනය කළ ක්‍රමවේදය හේතුවෙන් තමන් දැඩි ව්‍යාකූල තත්වයට පත්ව ඇති බව පෙන්වා දෙන චන්දිමාල් එ් හේතුවෙන් තමාගේ ක්‍රීඩා විලාසයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව සිය ලිපියෙන් අවධාරණය කරනවා. තම ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර බළධාරීන් සමග සාකච්ඡා කළයුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
චන්දිමාල් සිය ලිපිය හරහා හිටපු පිතිකරුවන් කිහිප දෙනෙකුගේ දත්ත පිළිබඳව විශ්ලේෂණයක්ද ඉදිරිපත් කර තිබෙනවා.



More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි