චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ (20) බ්‍රසීලයේ නිල සංචාරයක නිරත විය. එම සංචාරය ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ ඓතිහාසික අවස්ථාවක් බවත්, එය චීනය හා බ්‍රසීලය අතර මීළඟ ස්වර්ණමය දශක පහේ ආරම්භයක් බවත් , ජාත්‍යන්තර ප්‍රජාවේ මතය වී තිබේ. චීනය සහ බ්‍රසීලය නැගෙනහිර සහ බටහිර අර්ධගෝලයේ සංවර්ධනය වෙමින් පවතින ප්‍රධාන රටවල් දෙකකි. වසර 5කට පසු යළි බ්‍රසීලයට පැමිණි චීන ජනාධිපතිවරයා බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා පිළිගත්තේ ඉහළම මට්ටමිනි. ඊයේ පැවති චීන-බ්‍රසීල නායක හමුවේදී නායක දෙපළ ඉදිරි කාලයේ ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය පිළිබඳව නව උපායමාර්ගික එකඟතාවන්ට පැමිණ තිබේ. දෙරට අත්වැල් බැඳ ගෙන වඩාත් සාධාරණ හා තිරසර ලොවක් නිර්මාණය කරමින් පොදු ඉරණමක් සහිත චීන-බ්‍රසීල ප්‍රජාවක් ස්ථාපිත කිරීම, චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සහ බ්‍රසීලයේ ජාතික සංවර්ධන උපායමාර්ගය සම්බන්ධ කිරීම, එම එකඟතාවන් අතරින් වඩාත් කැපී පෙනේ.
වර්තමානයේ විවිධ අභියෝග හා වෙනස්වීම් හමුවේ චීනය හා බ්‍රසීලය නැඟී එන දැවැන්ත බලවේග දෙකක් ලෙස පෙරට වඩා දේශීය මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද කාර්යභාරයන් පැවරී ඇත. චීන-බ්‍රසීල සබඳතාවන්හි මීළඟ ස්වර්ණමය දශක පහ වෙනුවෙන් ෂී ජින් පිං ජනාධිපතිවරයා යෝජනා රැසක් ඉදිරිපත් කර තිබේ. පොදු ඉරණමක්, පොදු සංවර්ධනයක්, පොදු වගකීම් හා යුතුකම් මෙන්ම දුක-සැප එක සේ බෙදා ගැනීම යන කරුණු ඇතුළත් එම යෝජනා , චීන-බ්‍රසීල පොදු හවුලේ ඉදිරි දිශාව වෙනුවෙන් මඟපෙන්වීමක් වන බව පැවසේ.
සංවර්ධනය, සියලු ප්‍රශ්නවලට මනා විසඳුමකි. සංවර්ධනය වෙමින් පවතින රටවල කේන්ද්‍රීය අවශ්‍යතාව වී ඇත්තේ ද සංවර්ධනයයි. මෑත වසරවල චීනය හා බ්‍රසීලය අන්‍යෝන්‍ය වශයෙන් සංවර්ධන උපායමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් තිබේ. එමගින් බ්‍රසීලයට විශේෂයෙන් දැවැන්ත ආර්ථික හා සමාජීය ලාභයන් හා අයෝජන අවස්ථා සැලසී ඇත. මෙවර චීන-බ්‍රසීල ජනාධිපතිවරුන්ගේ හමුවේදී එම සහයෝගිතා අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව නායක දෙපළ පූර්ණ වශයෙන් අදහස් හුවමාරු කරගත්හ.
දශක 5ක් ගෙවී ගොස් දැනට චීන-බ්‍රසීල සබඳතා පවතින්නේ ඉහළ ම මට්ටමක ය. චීන ජනාධිපතිවරයාගේ මෙවර බ්‍රසීල සංචාරය ද්විපාර්ශ්වික සබඳතා වඩ වඩාත් වර්ධනය වීමට මහඟු රුකුලක් වනු ඇතැයි විශ්වාස කෙරේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි