චීනයේ ෂැංහයි නුවර බලා පැමිණෙන ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයන් මාසයකට අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව Xinhua වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.
මෙලෙස තාවකාලික ගුවන් සේවා තහනමක් පැනවීමට තීරණය කොට ඇත්තේ ආගොස්තූ 07 වෙනිදා චීනයේ ෂැංහයි නුවරට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එරට සෞඛ්‍ය බලධාරින් තහවුරු කිරිමත් සමගයි.
ඩුබායි සිට ෂැංහයි බලා යමින් තිබු ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මද වෙලාවක් නතර කොට තිබු බවත්, එම ගුවන් යානයේ කිසිවකුත් මෙරටට ඇතුල්වුයේවත් මෙරට කිසිවෙකුත් එම යානයෙන් චීනය බලා නොගිය බවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කළේය.
මිට අමතරව තවත් ගුවන් සේවා දෙකක ගුවන් ගමන් අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා පාළනාධිකාරිය තීරණය කොට ඇති බවයි Xinhua පුවත් සේවය නිවේදනය කර සිටියේ.
අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවය, පිලිපීනයේ මැනිලා නුවර සිට පැමිණෙන චයිනා ඊස්ටර්න් ගුවන් සේවය සතියක කාලයක් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ ඉකුත් අගෝස්තු 03 වෙනිදා පැමිණි Etihad ගුවන් සේවයට අයත් යානයේ සිටි මගීන් 6 දෙනෙකු සහ මැනිලා සිට පැමිණි චයිනා ඊස්ටර්න් ගුවන් යානයේ තවත් මගීන් 06 දෙනෙකු හට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරැ වීමෙන් අනතුරුවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්