චීන කොමියුනිස්ට් පක්ෂය 100 වැනි සංවත්සරය නිමිත්තෙන් අද බෙයිජිං අගනුවර ටියැන්අන්මෙන් චතුරශ්‍රයේදී ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති මෙන්ම චීන ජනාධිපතිවරයා ද වන ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙනි.
දේශීය මෙන්ම විදේශීය වශයෙන් ද චීන කොමියුනිස්ට් පක්ෂයට එල්ල වන අභියෝග ජය ගනිමින් ඉදිරියට පිය නගන බවත්, කිසිවකුගේ තර්ජනවලට හෝ මැරකම්වලට හෝ හිස නොනමන බවත්, සැමරුම් උත්සවය අමතමින් චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.
විවිධ ප්රජාතන්ත්රවාදී පක්ෂ, සමස්ත චීන කර්මාන්ත හා වාණිජ සම්මේලන හා නිර්පක්ෂ නියෝජිතයන් ඒකාබද්ධව ජනාධිපති ෂී ජින්පිං ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයට සුබ පැතූ බව ද එරට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
චීන කොමිනියුස්ට් පක්ෂයේ තරුණ ලීගය සහ යොවුන් ඉදිරි පෙළේ නියෝජිතයෝ සමූහයක් වශයෙන් සුබ පැතුම් පිරිනැමීමට ටියැන්අන්මෙන් චතුරශ්රයේදීට පෙළ ගැනී සිටියහ.
ඊට අමතරව, චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ මෙන්ම චීන වැසියන් 70,000 කට අධික පිරිසක් ද සැමරුමට සහභාගී වූහ
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි