චීන මාධ්‍ය සමූහයේ චීන භාෂා සන්නිවේදන කටයුතු හා සහයෝගිතා ජාල සංවර්ධනය තහවුරු කරමින්, චීන ජනතාව හා සෙසු රටවල ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය පුළුල් කිරීම එහි අරමුණ වී තිබේ. එමගින් චීන මාධ්‍ය සමූහය සමග හවුල්කාරී සම්බන්ධතා පවත්වන ලතින් ඇමරිකා, යුරෝසියා, ආසියාන් හා අප්‍රිකා කලාපයන්හි මාධ්‍ය ආයතන සමග වඩාත් පුළුල් හා ඵලදායී සන්නිවේදන ජාලයක් ද ගොඩ නැගීමට අපේක්ෂා කෙරේ.
“ගෝලීය චීන භාෂා සන්නිවේදන හවුල්කාරීත්ව” යාන්ත්‍රණය යටතේ වන පළමු වැඩසටහන වශයෙන් “ 2025 ආකර්ෂණීය චීන භාෂාව ” නම් ක්‍රියාකාරකම ලොව පුරාම සාර්ථකව පැවැත්විණ. චීන මාධ්‍ය සමූහය හා සහයෝගිතා පවත්වන ප්‍රමුඛ විදෙස් චීන භාෂා මාධ්‍ය ආයතන හා සන්නිවේදන වේදිකා, විදෙස් චීන භාෂා අධ්‍යාපන ආයතන, ප්‍රධාන ජාත්‍යන්තර චීන භාෂා අධ්‍යාපන අන්තර්ජාල වේදිකා සහ විදේශයන්හි චීන ව්‍යවසායන් ඇතුළු ආයතන 88ක් ඊට එක් විය. චීන භාෂාව හා චීන සංස්කෘතිය ප්‍රචලිත කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු “ 2025 ආකර්ෂණීය චීන භාෂාව ”ක්‍රියාකාරකම කෝටි 12ක විදේශිකයන් පිරිසක් ආවරණය කර ඇත.
More Stories
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමමූලික කරගත් චීනයේ නිදහස් වෙළඳ කලාප සංවර්ධන සැලසුම් නිකුත් කෙරේ
ඇමරිකාව Haiti රාජ්‍යයට එරෙහිව තීරු බදු පැනවීම පිළිබඳව චීනයේ දැඩි විරෝධය
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්