ලෝකයේ පළමු ‘අභ්‍යවකාශ-පෘථිවි ඒකීකරණ 5ජී හා 6ජී අන්තර් ජාලයේ’ පහළ කක්ෂීය අත්හදා බැලීම් චන්ද්‍රිකා දෙකක් පසුගිය 3වනදා කක්ෂගත කෙරිණ.
ඒ අතරින් ‘චයිනා මෝබයිල් 01’ චන්ද්‍රිකාව ‘අභ්‍යවකාශ-පෘථිවි ඒකීකරණ 5ජී අන්තර් ජාලයේ ක්‍රියාකාරීත්වය සත්‍යාපනය කළ හැකි ලෝකයේ පළමු අත්හදා බැලීමේ චන්ද්‍රිකාවය. කක්ෂගත කෙරුණු සෙසු චන්ද්‍රිකාව වන ‘චන්ද්‍රිකා පාදක මධ්‍යස්ථාන සත්‍යාපන චන්ද්‍රිකාව’, 6ජී සංකල්පයට අනුව නිර්මාණය කෙරුණු ලෝකයේ පළමු චන්ද්‍රිකා-පාදක අන්තර් ජාල පද්ධතියෙන් සමන්විතය.
පහළ කක්ෂීය චන්ද්‍රිකා අන්තර් ජාල සන්නිවේදන සංවර්ධනය මගින් පෘථිවියේ සන්නිවේදන අන්තර් ජාලයේ ආවරණ හිඟතාව සපුරා ගත හැකිය. විශේෂයෙන් පිටිසර ප්‍රදේශවලට, වඩාත් පුළුල් අධිවේගී චන්ද්‍රිකා අන්තර් ජාල සේවා සමීප කරවීමේ හැකියාව ඉන් ඉටු කෙරේ.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්