චීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන පන්සියයක මුදලක් ණය වශයෙන් ලබා ගැනීම සදහා ශ්රී ලංකා රජය සූදානමින් සිටින බව මහා භාණ්ඩාගාර ආරංචි මාර්ග උපුටා දක්වමින්, සති අග සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.
මෙම ණය මුදල ලබා ගැනීම සදහා වූ ගිවිසුම ඉතාම නුදුරු දිනකදී අත්සන් තැබීමට නියමිතය.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සංචාරය අතරතුරදී මීට අදාල මූලික එකඟතාවයන්ට පැමිණ තිබුණ අතර, පසුගිය දා සිදු වූ විශේෂ චීන දූත පිරිසේ ලංකා සංචාරයෙන් පසුව, ණය මුදල ලබා ගැනීම සදහා වූ අවසන් සාකච්ඡාව අගමැතිවරයා හා එම චීන දූත පිරිස අතර සිදුව ඇති බවයි පුවත්පත වාර්තා කරන්නේ.
කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටුණු මෙරට ආර්ථිකය යළි ගොඩ නැගීම, මෙම ණය මුදල ලබා ගැනීමේ හේතුව යි.
මෙම ණය මුදල වසර දහයක කාලයක දී ආපසු ගෙවිය යුතුව තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්