චීනය ගෝලීය සංචාරක වෙළඳ පොලට නව ජවයක් එක් කරනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි.
සදුදා (6) චීනය විදේශ ගමනාන්ත වෙත සිය සංචාරක කණ්ඩායම් යැවීමේ කටයුතු නියමු පදනමින් ආරම්භ කළේ ය. මේ වන විට එම සංචාරක කණ්ඩායම් තායිලන්තය, ඉන්දුනීසියාව, කාම්බෝජය, සිංගප්පූරුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඊජිප්තුව යනාදි රටවලට ළඟා වී තිබේ. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය ඊයේ (7) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියේ චීන සංචාරකයන්ගේ පැමිණීම එම රටවල උණුසුම් පිළි ගැනීමට ලක්ව ඇති බවයි. චීනය සිය සංචාරක කණ්ඩායම් සඳහා විදේශ රටවලට යාමට අවසර ලබා දී ඇත්තේ වසර 3කින් පසුව ය. මෙය ගෝලීය සංචාරක වෙළඳ පොලට පමණක් නොව ලෝක ආර්ථික ප්‍රකෘතියට ද නව ජවයක් එක් කරනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව සඳහන් කළා ය.
චීනයෙන් ගෝලීය සංචාරක වෙළඳ පොලට නව ජවයක්

More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ