චීනය තවත් චන්ද්‍රිකාවක් සාර්ථකව ගුවන්ගත කරයි. චීනයේ Xichangහි පිහිටි චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් අද (13) එය ගුවන්ගත කරනු ලැබීය. L-SAR4 01 ලෙස නම් කෙරුණු මෙම චන්ද්‍රිකාව Long March-3B නමැති වාහක රොකට්ටුවෙන් ගුවන්ගත කෙරුණේ, බෙයිජිං වේලාවෙන් උදෑසන 01.26ට පමණය. එය නියමිත කක්ෂයට නිසි පරිදි ඇතුළු වී ඇත.
L-SAR4 01 නමැති එම චන්ද්‍රිකාව ඉංජිනේරුමය ක්‍රියාත්මක කිරීමේ අදියරට පිවිස ඇති ලොව ප්‍රථම අධි-කක්ෂ කෘත්‍රිම විවර රේඩාර් චන්ද්‍රිකාවයි. එය චීනයේ ආපදා නිරීක්ෂණ පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කරනු ඇති අතර, චීනයේ ආපදා වැළැක්වීම, අවම කිරීම සහ සහන සැලසීමේ කටයුතු පුළුල් ලෙස වැඩිදියුණු කිරීම සඳහා ඉතා වැදගත් වනු ඇත.
මෙවර සිදුකෙරුණේ, Long March වාහක රොකට්ටු මාලාවේ 483 වැනි ගුවන් මෙහෙයුමයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි