මෙරට ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ස්ථාවරත්වය සඳහා සහාය ලබා දෙන බව චීන අග‍්‍රාමාත්‍ය ලී කෙකියැන්ග් පවසා තිබෙනවා.
ඒ, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඊයේ පැවති දුරකථන සංවාදයකදී යි.
මෙරට ජනතාව අත්විදින දුෂ්කරතා සහ අභියෝග පිළිබඳ චීනයට අවබෝධයක් පවතින අතර ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා උපරිමයෙන් කටයුතු කරන බවයි චීන අග‍්‍රාමාත්‍යවරයා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පවසා ඇත්තේ.
දැනට මුහුණ දී සිටින මූල්‍ය ගැටලු කිහිපයක් විසඳීමට චීනය ශ‍්‍රී ලංකා රජය සමඟ එක්ව කටයුතු කරන බවට ද චීන අග‍්‍රාමාත්‍යවරයා මෙහි දී සහතික වී ඇති බව සඳහන්.
දෙරට අතර මිත‍්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් පවතින සබඳතාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා ඉදිරියටත් එක්ව කටයුතු කරන බව ද චීන අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා..
චීන රජය විසින් මෙරට වෙනුවෙන් පිරිනමන මානුෂීය ආධාර සහ අඛණ්ඩ සහයෝගීතාව වෙනුවෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී චීන රජයට සිය ස්තූතිය ද පුද කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ‍්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ‍්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ‍්‍රී ලංකා ජනපති අතර හමුවක්